EDSODA MAHIYANGANA NATIONAL SCHOOL පැමිණි ගමන් මග (Where are we coming from ?) අපහසුතා දුෂ්කරතා මධ්‍යයේ පාසල පවත්වාගෙන ගිය කාලසීමාවක් අප සතුව පැවතිනි. විවිධ විදුහල්පතිවරු මාරුවෙමින් එසේම පාසලේ දක්ෂ සහ පළපුරුදු ගුරුවරු 20ට වැඩි සහ වර්ෂ 10 ට වැඩි ස්ථාන මාරු වලින් මාරුවී ගිය බැවින් පාසල යම් මට්ටමක අඩාල වීමක් හදුනා ගත හැකි විය. විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් දෙදෙනෙක් පාසල තුළ සේවය කළ බැවින් පාසල එම ගැටලු විසඳාගැනීමට හැකියාවක් ලැබී යම් මට්ටමකට ඉහළ ගැනීමට අවස්ථාවක් උදාවිය. ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක සම්පත් හීනතාවය සහ මානව සම්පතතුල පවතින දුර්වලතා හේතුවෙන් අපේ පාසල යම් මට්ටමක අඩාල වීමක් දක්නට ලැබුණද ප්‍රතිඵල අතින් කලාපයේ අනිත් පාසල් සමඟ සසඳා බැලු විට ඉදිරියෙන් සිටී. ද්වීමාධ්‍ය අධ්‍යාපන ඒකකයක් පාසලේ පවතින බැවින් සහ, ප්‍රදේශයේ පවතින එකම දිවි මාධ්‍ය ඒකකයක් සහිත පාසලට හිමිකම් කීමට අපට හැකියාව ලැබී ඇත. ඒ හේතුවෙන් පාසලට ඇතුලත් වීමට සිසුන් දැඩි තරගකාරී තත්ත්වයක් දක්නට ලැබේ .එසේම ප්‍රදේශයේ පවතින ජනප්‍රියම පාසල බැවින් ගුරුභවතුන් සහ විදුහල්පතිවරුන් මෙම පාසල තෝරා...